ඇමරිකාව….

ඇමරිකාව ද කෘෂිකාර්මික රටකි. ඇමරිකානු මහද්වීපයේ අක්කර බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ගොවිබිම්ය. දළ වශයෙන් එක් ගොවිබිමක් අක්කර 400 ඉක්මවන අතර මේ ගොවිබිම් පෝෂණය කරමින් ගංගාවල් 250,000 අධික සංඛ්‍යාවක් ගලා බසී. දෛනිකව ලෝක වෙළඳපොළට ආහාර සැපයීම අතින් සලකා බැලූ විට ලොකුම පංගුකාරයා ඇමරිකාවයි. සුළුතරයක් වූ ඇමරිකානුවන් පිරිසකට ඉරහඳ තරණය කරන්නට, ලොව පුරා තම බලය ,අණසක පතුරුවන්නට හැකියාව ලැබී ඇත්තේ මේ ගොවියන්ගේ ශක්තියෙනි. භෞතික දියුණුවේ නිම් වළලු පුළුල් කරමින් දිනෙන් දින ඉහළ යන ඇමරිකාව වසර 200ක පමණ කෙටි ලිඛිත ඉතිහාසයකට හිමිකම් කියන නූගතුන්ගෙන් පිරුණු රටකි. ඉංග්‍රීසි භාෂාව වත් නිවැරදිව හසුරුවා ගන්නට නොහැකි අමෙරිකානු වැඩිහිටි ජනතාවගෙන් සියයට හතළිස් තුනක් නැතිනම් අඩකට ආසන්න ප්‍රමාණයක් බෙහෙත් තුණ්ඩුවක් , උපදෙස් පත්‍රිකාවක් හරි හැටි කියවා ගැනීමට නොහැක. මෙකී ගැටලුව දරාගැනීමට ඇමරිකානු රජයේ විසින් වාර්ෂිකව වැයකරන මුදල ඩොලර් බිලියන 232 ඉක්මවයි
මිලියන 327 ක් ඉක්මවූ ඇමරිකානු ජනතාවගේ 3% කට ආ සන්න ප්‍රමාණයකට එකේ සිට දහයට ලියාගැනීමට වත් නොහැක
ප්‍රතිඵලය වී ඇත්තේ මෙකී නූගත් කම නිසාම විරැකියාවෙන් පෙළෙන ඇමරිකානුවා නඩත්තුව එරට රජය වාර්ෂිකව ඩොලර් බිලියන 250කට අති විශාල මුදලක් වාර්ෂිකව වැය කරයි.
ස්වභාවදහම නිර්ලෝභීව දිය හැකි සියලුම දේ නොඅඩුව ලබා දී තිබුණ ද අතිවිශාල අමරිකානු දරුවන් ප්‍රමාණයක් රාත්‍රිය ගත කරන්නේ මහා මගක පදිකවේදිකාවකය. මේ මොහොත වන විට corona ආසාදනයෙන් දහස් ගණනින් මිය යන්නේත් දහස් ගණනින් එයට ගොදුරු වන්නේ ඇමෙරිකානුවන් තුල ඇති ශිෂ්ඨත්වයෙ සහ පරිණත බවේ අඩුපාඩු නිසා බව නො රහසකි. ලෝකය ඉදිරියේ ඉන්ද්‍රජාලික වැඩ පෙන්වන සමස්ත ඇමරිකාව සභ ශ්‍රී ලංකාව සැසඳුවහොත් ඇමරිකානුවන්ට ලංකාවට ළංවන්නට තවත් බොහෝ කල්ගත වනු ඇත. අප සිතන තරම් යකා කළු නොවේ. යථාර්ථය එයයි.
පෙර දින උදේ වරුවම වැය වූයේ අසලින් ගලා බසින ඔයෙ ජලය අප හේන වෙතට ගෙන ඒමට ය. මෝටරය පණ ගැනීමට අවශ්‍ය කරන ලාම්පුතෙල් ටිකේ සිට වෑල්වය දක්වා ප්‍රශ්න නිමක් නැත කලක් අතහැර දමා තිබූ ජල පොම්පය යළි පණ පණගැන්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. කිසිදු අමතර කොටසක් මිලදී ගැනීමට නොහැකි ලෙස ඇඳිරිනීතිය හරස් වී ඇත.ජලය ගෙනයන බටයේ තැන තැන ජල කාන්දුව ස්ථානයන් ආවරණය කිරීමට සඳහා වෙලුම් පටි වශයෙන් පැරණි සයිකල් ටියුබයක් සොයා යළි පැමිනෙන්නට අපට ගතවු පැයක පමණ කාලය අවස්ථාව කොටගත් සද්දන්තයෙක් ඔය හරස් කරගෙන ඔහුගේ අයිතිවාසිකම් හා බලපුළුවන්කාරකම් පෙන්වන්නට විය corona මදිවට අලි. බිය මොහොතකින් අනුකම්පාවට හැරින. තව කොතරම් කාලයක් මේ මිහිතලය මත මොවුන්ගේ තේජස් විලාසය දකින්නට හැකි වේවිද? පසුගිය මැතිවරණ සමයේ ගැබ්බර ඇතින්නියන් සත්දෙනකුගේ ඉරණමි කතාව අවසන් වූ හැටි මට සිහි වෙයි. සමහරවිට මේ තම බිරිඳ හෝ පෙම්වතිය මිය යෑමෙ දුක දරා ගනු නොහී නිහඬව සරණ අසරණයකු විය හැකිය.
දවසින් බාගයක් අපෙන් උදුරාගත් ජල පොම්පය පණ ගැනීන. තෙමසකට අධික කාලයක් දැඩි හිරු රශ්මියෙන් පීඩිත කාශ්ඨක පොළොව මෙන්ම අප හදවත් ද සිසිල් කරමින් පළමු දියපොද සිප ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *