දශක හතක් දිය බිඳකුදු නොමැතිව….

ප්‍රහ්ලද් ජානි සමස්ත බටහිර විද්‍යාව ම අවුලකට නැත්තම් අභියෝගයකට ලක් කළ ඉන්දියානු සාධුවරයකි. ජානි වර්ෂ 1940 දී තම ජීවිතයෙන් ජලය සහ ආහාර ගැනීමට සදහටම සමුදුන්නේය. අදත් ජීවමානව සිටින ජානි වසර හැත්තෑවක් පුරා කිසිදු දිනෙක ආහාර ගත්තේ නැත. ජලය පානය කළේ නැත. ඒ නිසාම වැසිකිලි යෑමට ද ඔහුට අවශ්‍ය නොවීය. හුස්ම (ප්‍රාණ) මත පමණක් ජීවය පිහිටුවා සිටින (Bretherian ) සාධුවරයකු වූ ජානි වෙත නිරන්තරයෙන් BBC , CNN වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙන්ම විශම චර්යා සහිත මිනිසුන් පිළිබඳ ගෝලීය අධ්‍යයන කේන්ද්‍රය නිරන්තරයෙන් හඹා ආවේය. ජානි ඉදිරියේ නිරුත්තරව මුත් සුපරීක්ෂාකාරීව දින ගණන් බලා සිටියේය. දැඩි රැකවල් මැද සීසීටීවී සහිත කුටි තුළ ඔහු රඳවා පරික්ෂා කළ ද රහසින්වත් පැන් පොදක් තොල ගාන අවස්ථාවක් දක්නට නොලැබුණි. විද්‍යාඥයන් සහ විශේෂඥයින් ගේ උකුසු ඇස් මානයෙ ඔහු ඉතාමත් නිරෝගීව සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවා දමමින් සිටියි. බටහිර විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙ අවසන් නිගමනය වූයේ ජානි ඉතාමත් නිරෝගී බවත් ඔහුගේ ශරීරයේ කිසිදු ඉන්ද්‍රියයක හෝ අභ්‍යන්තරයෙ ආබාධයක් හදුනාගත නොහැකි බවත් ය. හදුනාගත හැකි වූ එකම අසාමාන්‍ය ලක්ෂණය වනුයේ ඔහුගේ තල්ලෙ ඇති විශාල සිදුරයි. ජානි ඉදිරියේ දී පවතින ජනප්‍රිය භෞතිකවිද්‍යාව ප්‍රාථමික මට්ටමක පවතී. ජානිගේ පැවැත්මට අවශ්‍ය සියලු පෝෂණ ඔහු වෙත රැගෙන එන ස්වර්ණමය දොරටුව මෙම සිදුර බව සෑම යොගියෙක් ම ඉතා හොඳින් දන්නා මුත් යෝගී විෂයෙහි යහපත වෙනුවෙන් ඔවුන් මුනිවත රකියි .
මෙම විශ්වීය ස්වර්ණමය දොරටුව විවර කර ගැනීමේ තාක්ෂණය නැතිනම් ක්‍රමවේදය (පසුව සටහන් තබමි) සොයා ගැනීමට බටහිර විද්‍යාඥයින්ට නම් තවත් බොහෝ කාලයක් නිසැකවම ගතවේවි.
ජානි ගැන මෙන්ම ජලය ගැන ද තවත් බොහෝ රසවත් දේ කථා කළ හැකි මුත් ඒ සඳහා මේ අවස්ථාව කර නොගනිමි.
නියං සායෙන් ඉරිතැලී ඇති මහ පොළොව දැඩි පිපාසයෙන් අහස දෙස බලා සිටී. සාමාන්‍යයයෙන් මේ දිනවල සවස් භාගය සංවහන වැසි ඇදහැලීමට නියමිතය.නමුදු ඔබත් මාත් අයත් සමස්ත මිනිස් වර්ගයාගේ අන්තනෝමතික ක්‍රියා කලාපයේ පීඩනය තව කෙතරම් කලක් මෙ මහපොළොව දරා සිටී දැයි අනාගත වාක්‍ය කීමේ හැකියාවක් නැත.
ජීවිතයේ කිසිදු දිනෙක මේ තරම් වූ කර්කෂක අත්දැකීම් ලබා නොතිබූ අප හට දෛනිකව සිදුවන බොහෝ දේ දරා ගැනීමට සිදුව ඇති. සියල්ල ඉවසා සිටිය ද දැඩි අව්රශ්මිය නම් කෙසේවත් දරා සිටිය නොහැක. කරඹ නිදිකුම්බා මයිල ආදී කටු ඇනී දැනෙන වේදනාව විටින් විට උස් පහත් වෙයි.
නැවත හමුවෙමු….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *