වහලය උඩ වුවද වැවිය හැක

උගුර බැරැන්ඩිය වු මොනරෙකු ගේ හඬ තැලීමට තාල අල්ලමින් මොනර රෑනම එක්ව නැගූ විලාපයෙන් ක්ෂණයෙන් මගේ මතකය අදින් වසර කිහිපයක් ඈතට දිවයයි. අලුතින් ඉදි වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මොනරුන් බහුල ප්‍රදේශ දක්වා ඇති සංඥා පුවරු දැක මගේ ගමන් සගයා සිය හඬ අවදි කළේය.
අයියේ මොණරු dry zone එකේ ඉඳලා wetzone එකට මාරු වෙලා . කරනවා නම් මරු research එක. මොනර dry-zone එක අයිති සතෙක්. වැඩේට ලක්ෂ පහක් විතර යාවි. කවුරුහරි ඉන්නවනම් බලන්න මං වැඩේ කරන්නමි එයාගෙ නමින්ම අපි පේපර් එක out කරමු.. ඒ මගේ මිතුරා ගේ අදහසයි. වන ජීවීන් ගහකොළ හා බද්ධ වූ මගේ මිතුරා එයම ජීවනෝපාය කරගත් අයෙකි.
wetzone එක dryzone එකයි වෙන් කරගන්න බැරි මෝඩ මොණරු මගේ හිත කීවේය
පසුම්බියේ මොණරු වැඩිවෙන විට අපටද කලාප වෙන්කර ගැනීමේ ගැටළු මතු වන හැටි මා අත්දැකීමෙන් දනිමි.
මොනරාට කොහෙවත් වැරදි නැත. හම්බන්තොටටත් වාර්ෂික වර්ෂාපතනය 1000mm පනින මේ පුංචි දූපත ට මොන වියලි කලාප ද,?
. ආනයනික දැනුමෙන් සන්නද්ධ ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් ශුෂ්ක කලාප වියලි කලාප තෙත් කලාප අතරමැදි කලාප ආදී වශයෙන් කේක් ගෙඩිය සිහින්ව ලියා ඇත.
වවුලන් ද කපුටන් ද දක්ෂ ගොවියන් ව සිටින මගේ රට එකම සරු බිමකි. විසිකරන ඇටයද පැලවී ඵල දරණ මගේ මව්බිම බෙදා වෙන් නොකරන මෙන් මා ඔබෙන් අයද සිටිමි..
ඔබට වවන්නට ඕනෑ නම් වහල උඩ වුවද වැවිය හැක.
ආනයනික දැනුමෙන් සන්නද්ධ අපේ කෘෂි උපදේශකයන්, විශේෂඥයන් බහුතරයක් දෙනා රසායනික පොහොර කෘමිනාශක තෙල් ආදියෙන් එක් පියවරක් වත් ඉදිරියට තැබීමට අපොහොසත් වී ඇත.
අපේ රටේ වගාවට ජලය අවශ්‍යම නැත.. Dry farming පිළිබඳව වැඩිදුර පැවසීමට මේ පුංචි ලිපිය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ඔබ උනන්දු නම් ජපාන ජාතික fukuoka මහතාගේ Do nothing farming අධ්‍යයනය කරන්න.
එමෙන්ම No Dig farming මේ වෙනවිට ලෝකයේ ජනප්‍රිය වගා ක්‍රමයකි. පොළොව තලාපෙලා රිද්දා මොන වගාවක් ද? ඔබ මී හරකාට සමුදුන්නා මෙන් ට්‍රැක්ටරයට ද සමු දිය හැකියි. එය කළ යුතුව තිබේ. මෙවැනි දේ පිළිබඳව දේශීය වශයෙන් තිලක් කන්දෙගම මහතා දරන උත්සාහය පැසසිය යුතුය.
නමුත් ඔහුද පිපාසයට වතුර දුන්නට ටැප් එක නොපෙන්වන බවක් දැනෙ.
වයස අවුරුදු 95 තෙක්ම වගාවේ නියැලුණු ඔස්ට්‍රේලියානු ජාතික , කාන්තාවක් වන Esther Deans, බ්‍රිතාන්‍ය ජාතික charles
Dowding මෙන්ම ඇමරිකාවේ Ruth stout ගෙන් ඔබට අවශ්‍ය නම් බොහෝ දේ දැන උගත හැකි ය. යුරෝපයෙන් ද පලස්තීන ආදි රටවල් වලින්ද ඉගෙන ගන්නවනම් බොහෝ දේ ඇත.
අතීත ශ්‍රී ලංකාවේ ගොවියන් කියා ලේබල් ගැසූ වෙනම පිරිසක් සිටියේ දැයි මා නොදනිමි. සෑම පුරවැසියෙක්ම ගොවියෙකි. දේශීය විදේශීය ගොවිතැන් වගා ක්‍රම පිළිබඳව තරමක අධ්‍යයනයක් කරමින් සිටින මගේ අවබෝධය හැටියට අපේ පැරැන්නන්ගේ හේන් ගොවිතැන තරම් දියුණු ගොවිතැනක් මා ලොවේ කිසි තැනක දැක නැත එය ලිපියක් නොව විෂයයකි. හදාරන්න…
අනිල් අරුමපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *