ගුරුපාර කවුරුන් හෝ අඩිරූලකින් ගැසූ ඉරක් වැන්න. සමාන්තරව
දිවයන ඇල පාර මීටර් 500 ක දී පමණ අසල කුඹුරකට දිය ගෙන යන්නට මග හරස් කොට නොයයි නම් තවත් මීටර් 250ක් පමණ ඉද්ද ගැසුවාක් මෙන් එක දිගට දිවෙයි.
ගත රවටමින් හමන මද සුළඟ තවත් හෝරාවක් යන්නට මත්තෙන් නැගෙන හිරුත් සමග රහසේ වන වදුළු අතර සැඟව යයි. ඉනික්බිතව එළැඹෙන්නේ අල්ලේ රොටි පිලිස්සිය හැකි තරම් තද උණුසුමකි. හිරු අඳුරේ සැඟවෙන මොහොත තෙක් ඒකාකාරීව පවතින අව්රශ්මිය ට අතපය ද ඉපල් වේදොයි බියක් දැනේ.
පෙර දිනෙක කවුරුන් හෝ අතැර දමා ගොස් තිබුණු ඇහැල අරටුව කහ වතුරෙන් පිරිසිදු කොට සිටුවා පඬුරු බැඳ කපුරු සුවඳ දුම් දී මාත් සුමේධ මල්ලිත් දෙවියන්හට හේන් යාය බාර කලෙමි.. හිරුගෙන් සඳුගෙන් අවසර අහසට පොළවට වැඳ නමස්කාර කොට මුලපිරූ යාදින්න කෙළවර වූයේ අප හේනත් එහි බවබෝග අව්වෙන් වැස්සෙන් සුළඟින් උර ගාන බඩගාන සතා සිවුපාවුන්ගෙන් ආරක්ෂා කර දෙන කෙරෙන යාදින්නෙනි.
මොණරෙකු ගේ විලාපය යායේ නිහඬතාව බිඳිමින් ඈතට දිවයයි.
මියන් , හවුන්, මීමින්නන් පටන් සද්දන්තයීන් දක්වා මේ කොයි කාගෙන් වුවද අපගේ සියලු බලාපොරොත්තු බිඳී යෑමට පුළුවන. වග කියන්නට කිසිවකු නැත..
ඔයේ ජලය තව කී දිනක් මේ අයුරින් ගලාබසී ද? වනෝද්‍යානය ඔබ මොබ සරණ හිතුවක්කාර තනියෙකුගේ මග හරස් කරන්නට විදුලි වැට කෙතරම් කාලයක් සමත් වේවිද ?
විපත් පැමිණෙන්නේ පෙර දැනුම්දීමකින් තොරවය. ඉදින් දෙවියන් බුදුන් හැර කාගේ පිහිටක්ද,?
ගුවනින් පිරිත් පැන් ඉසීම මුහුණු පොතේ ප්රමුඛ පුවතකි.
අසීමිත විදු දැනුමක් සහිත බහුතර ලාංකීය පුරවැසියන් එම ක්‍රියාව හෙළා දකිමින් නිදහස් කළ පෝස්ටු ද පිරිතේ බලය වෙනුවෙන් පෙනී සිටිමින් එම විද්‍යාර්ථීන්ට අභියෝග කරන විඥානවාදීන් තම තම විශ්වාසයන්ට බර තබා ඉදිරිපත් කළ පෝස්ටු ද අතොරක් නැත..
පිරිත් පැන් ගැන කිසිවක් කීමට මා කලබල නොවෙමි. නමුත් පැන් එසේත් නැත්නම් ජලය ගැන මට කීමට ඇති දෑ බොහෝය.
ඔබ ජලය ගැන දන්නේ මොනවාද ? ජලය ගැන පරිපූර්ණව දන්නා කිසිදු අයෙකු මිහිමත සිටිත්ද? මම ඔබෙන් අසමි.
ලෝකයේ 3,% තුනකට කිසිසේත් ජලය නැත. 30% කට පානීය ජලය නැත. මේ මොහොතේදීත් පැකට් කළ ජලය ලොව පුරා අධික මිලකට අලෙවි වෙමින් පවතී හයිඩ්රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් එකතුවීමෙන් ජලය සෑදෙන බව විද්‍යාත්මක මතයයි. ලොව හයිඩ්රජන් ද ඔක්සිජන් ද ඕනෑ තරම් තිබේ.. විද්‍යාවද ඇදහිය නොහැකි තරම් දුරක් ගොස් ,ඇන.
. සඳ තරණය කළ මිනිසා අඟහරු ආදී වෙනත් ග්‍රහලෝක කෙරෙහි ද තම අවධානය යොමු කොට ඇත. අධිතාක්ෂණික මෙවලම් මිසයිල chandrika න්‍යෂ්ටික අවි මෙකී නොකී බොහෝ විස්මයජනක නිපයුම් ලොවට දායාද කළ ව්ද්යාඥයින්ගෙන් මා මෙසේ අසමි.
මිලියන ගණනක් පිපාසිත මිනිසුන් වෙනුවෙන් ඔබගේ නවීන විද්‍යාත්මක නිෂ්පාදනාගාරයක ජලය නිපදවිය හැකිද?
ලොව කිසිදු බලවතෙකු ජලය නිපදවා තිබේ ද,?
ජලය දෙවියන්ගේය. පේටන්ට් අයිතිය ඇත්තේ සොබාදහමෙ දෙවියන්ටය.