Corona සහ Mark Zuckerberg

පවතින වසංගත තත්වය පොදුවේ අපට උරුම කර දුන් ඒකාකාරි විවේකය ගෙවා දැමීමේදී මනුෂ්‍ය ස්වභාවය අනුවම විටෙක සමගාමීය. විටෙක පරස්පරය. එක් මතයකට දෙදෙනෙකු ගෙන ආ හැකි නම් මේ තරම් මාධ්‍ය කුමකට ද ?.මේ තරම් රූපවාහිනී නාළිකා පැවතිය හැක්කේ දෙකකි . (උදාහරණ දිනමිණ සහ ලංකාදීප පමණි.) තෘප්තිය හා සංවේදී භාවය පිළිබඳව අප සමාජය ඇත්තේ තරමක් පසුගාමී වටපිටාවකය. ‘සිතීම ‘ යන ක්‍රියාවලියම බොහෝවිට අනෙකාට භාරදී ඇත. එහි ප්‍රතිඵලය වන්නේ මනුෂ්‍යත්වය දිනෙන් දින පහළට ගමන් කිරීමයි. අප වෙනුවෙන් අනෙකෙකු සිතනතුරු බලා සිටීමෙ අවසන් ඵලය වී ඇත්තේ ඇඳිරිනීතිය, lockdown, මීටරෙන් ඉන්න, ආ දී ක්‍රියාවලින්ය .
සැවොම නිවැරදි සිහියෙන් සිටී නම් coronaවට සෙම්ප්‍රතිශ්‍යාව පසුකරමින් වත් යා නොහැක.
අවසිහියෙන් වසරකට බිලියන 65000 පමණ සතුන් මරා මස් කැබලි ගිල දමන්නට තරම් මිනිසා යක්ෂාවේශය වී ඇත.
මෙවැනි මිනිසුන්ට දඩුවම් දිය යුතු යැයි ස්වභාව ධර්මය තීරණය කොට ඇත්තේ එබැවින් වන්නට පුළුවනි.
නිර්මාංශීව බවුන් වඩන එකදු මනුස්සයෙකුට වත් සොබාදහම දඬුවම් නො දේවි යැයි මගේ පුද්ගලි විශ්වාසයයි.
Corona මුළුමනින්ම අපගේ දෛනික හැසිරීම් වෙනස් කොට ඇත. අතිශය පෞද්ගලික නිර්මාණ කුටියක ස්වයංව සිරගතව මගෙම සිතුවිලි අතර කල්මරමින් සිටි මා දැන් හිස් අවකාශයකට පිවිස ඇත. අලස සුවය ම සුවය කොටගෙන විවිධ ‘ ප්‍රාණ ‘ ‘ක්‍රියා ‘ හා විශ්වය වෙත බැඳී වෙලී ගෙවු ස්වයං සිරකුටියෙන් මිදී මේ ලබන අත්දැකීම් ද අපූර්වත්වයක් ගෙන දෙයි.
යොගී ජීවිත සුවපත් එකකි. ආධ්‍යාත්මිකව යම්යම් තල ස්පර්ශ කරමින් යෝගීන් දිවිගෙවන්නේ ආනන්දයෙනි.
blissfulness සරලව bliss එකේ , නැතිනම් ආතල් එකේය. යෝගීන් කිසිවිටෙකත් කිසිදු දෙයකට ප්‍රතික්‍රියා
නොදක්වයි. ක්‍රියා මිස ප්‍රතික්‍රියා නැත. ක්‍රියා ආනන්දයෙන් පිරී පවතී. සෑම දෙයකටම ප්‍රතික්‍රියා කිරීමට යෑමෙන් සිදුවන්නේ දුකට ලංවීමයි. ,
ක්‍රියා, භාවිතයට ගන්න.
ආධ්‍යාත්මය දෙසට හැරෙන්න. එහි සතුට අත්විඳින්න. එය හරියට පතුළක් නැති ළිඳකට වැටෙනවා මෙනි . පතුලක් නැති නිසා ගැටීමෙන් ඇතිවන වේදනාවෙන් ඔබ නිදහස්ය. සරලව වැටෙන්න වැටෙන්න ආතල්ය. 112ක් අවබෝධයට පත් වීමේ මාර්ග අතරින් සුවිශේෂී වූ මාර්ගය බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. අනෙක් 111 වූ මාර්ගයන්හි ගොස් අවබෝධයට පත් විය නොහැකි යැයි මෙයින් අදහස් නොකරමි. එහිදී සිදුවන්නේ ගතවන කාලය දීර්ඝවීම හා ගමන් මග දුෂ්කර වීමයී. පලක් නැති මාර්ගයකට වැටීමට හැකි අවදානමයි . බුද්ධ හෙළිකල මාර්ගයට පිවිසියේ නම් එය අධිවේගී මාර්ගයකට පිවිසුණා වැනිය. මග අතරතුර නැවතිය නොහැක. ආපසු හැරවිය නොහැක. එකාකාරී වේගයෙන් ගමනාන්තයට නිශ්චිතම ලං විය හැක. මග දෙපස සියලු සංඥා පුවරු වේග සීමා කොන්දේසි පනවා ඇත. අපට ඇත්තේ එහි ගමන් කිරීම පමණි. රැයේ ද දහවලේ ද වෙනසක් නැත.
මුහුණුපොතට දෛනිකව අලූත් අලූත් නවමු දෑ එකතුවීම ආකර්ෂණීයයි. අද දවසේ පිටු පෙරළෙන්නේ හකීම් මහතාගේ හ මුස්ලිම් ප්‍රජාවගේ මනුෂ්‍යත්වයට ගෝචර නොවන හැසිරීම් හා ්‍රකාශනයන්ට දක්වන ප්‍රතික්‍රියා වලිනි. ජාති ආගම් බේද විසින් ලොවට දායාද කළ යහපත් කිසිවක් නැත. ලොව පවතින යුද්ධ හා මනුෂ්‍ය ඝාතන 80,% හේතුවී ඇත්තේ ආගමික හා වර්ගවාදී ගැටුම්ය.
මනුෂ්‍යත්වය ජාතික කොට ගන්න.
සොබාදහම දෙවියන් කොට ගන්න..
එවිට මේ කිසිදු ව්‍යසනයක් ඇති නොවේවි.
මුහුණ පොත ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. Zuckerberg මහතා මෙන්ම එයට උපයෝගීවන දුරකථනයට වර්ණ ලබාදුන් ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතාද නිෂ්පන්න වන්නේ ආධ්‍යාත්මික මාවතිනි. දෙදෙනාගේම ගුරු වූයේ ,,,,නීම් කරොලි බබා.. නම් බවුන් වඩන සාදු වරයාගෙනි. (කරොලි බබා මට හඳුන්වාදුන් මාරෙට ස්තූතිවන්ත වෙමි,)
ඔවුන් අධ්‍යාත්මික චාරිකාව අතරමග අතැර මගට බැස වෙළඳාමට පුරුදු නොවූයේනම් ස්ටීව් ජොබ්ස් මහතා කනස්සල්ලෙන් පිරුණු ශෝකී මරණයකට පත් නොවන්නට බොහෝ ඉඩ කඩ තිබිණ. ආසියාවෙන් පිටත අවබෝධ මාර්ගයේ විසල් පිවිසීමේ දොරටුවක් වන්නට ඉඩ තිබිණි. පරිගණක තිරයට වර්ණ ගෙන ඒමේ ඔහු තුළ තිබූ නොනිත් ආශාව ආධ්‍යත්මික දෙසට නැඹුරු වූයේ නම් ඔහුගේ අධ්‍යාත්මික ලෝකය ද වර්ණවත් වනු නොඅනුමානයි.
සකර්බර්ක් මහතාට නැවතුණු තැනින් පටන් ගන්නට තවමත් කාල-අවකාශය ඉතිරිව ඇත. නමුත් එය ඔහු විසින් තීරණය කළ යුතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *