“ජලබෝල ” හා ගාමිණි

උච්ච ස්වරයට ජානමය හිමිකම් කියන කුරුලු කෙවිලියන්ගෙ තොරතෝංචියක් නැති කතාබහ ට කන බොන විට දි වත් විරාමයක් නැත්තේය. “මැනර්ස්” නැති වාචාල පක්ෂීන් සමග අවදිවන සුමේධ මල්ලිට ද ඇත්තේ කුරුලු නින්දකි. පෙර දින රාත්‍රිය ගෙවා දැමූ අයුරු කෙසේ වුවද බිම් කළුවර තුනී වන්නටත් මත්තෙන් මල්ලිගෙන් දෛනිකව ඇමතුමකි . දුරකථනය නිහඬ කරමින්…

Continue Reading

මොනර සුසානය

මානන් පඳුරු සහ ඉලුකෙන් වැසී තිබුණු යාය තනි පලසක් වූයේ ඉන්ද්‍රජාලිකව. ලුමිනස් කොල පැහැති ලා ගොයම පීරා සීරුවෙන් සක්මනේ යෙදෙන කොකුන් කෙකියන්ගේ කුමන හෝ යමක් පෙරදිනක අතපසුව යන්නට ඇති. රොටරියට කොකුනගුලට සමගාමීව සී සෑමේ දී කරටකර හැපුන කොක් කැල ආ ගිය වග හො මගක් සොයාගන්නට නැත. ට්‍රැක්ටරය ලොකු වුවත් කුඩා…

Continue Reading

හොදින් සවන් දෙන්න…

සීගිරිඅහස අන් කවරදාටත් වඩා ප්‍රේමාන්විත චමත්කාරයක් මවයි . වැවට ඉහළින් රැඳුනා කළු අඳුරු වලා තිරය මැද්දෑවෙ මනරම් හදවතකි? දවසේ වැඩි කාලයක් අහස දෙස බලා සිටින්නට පුරුදුව සිටින මගෙන් මෙකී මනරම් දසුන සඟවන්නට අහස අපොහොසත් වී ඇති සේය. ගෙවුණු බොහෝ සන්ධ්‍යාවන්හි මැවුණු අපූරු වලා රටාවන් බොහෝමයක් අදත් මා මතකයේ තැන්පත්ව තිබේ.…

Continue Reading

තාරකා කුමක් කරන්නද?

දිනක් බමුණකු ඇවිදමින් සිටියේ දුප්පත් ගම්මානයක් හරහා ගලාබසින මනරම් ගං වෙරළක් දිගේ . සුදු වැලි තලයේ පිහිටා තිබෙන සක්විති රජකුගේ පා සලකුණ දුටු බමුණා මවිතයට පත්වී විපරම් කළේ දුප්පත් ගමේ සක්විති රජකුගේ පා සලකුණු සටහන් වූයේ කෙසේදැයි නිවැරැදිව දැන හැඳින ගන්නට ය. පා සලකුණු අග අප බුදුපියාණන් වහන්සේ විවේකයෙන් වැඩසිටියේ…

Continue Reading

ඖෂධ සමාගම් වලට ජය වේවා..!!

හිරු පුරුද්දට මෙන් ගෙවුණු සෑම සන්ධ්‍යාවකම වැව් තෙර අගින් සැඟව ගියේ මනරම් සිත්තමක් මවමිනි. සිත්තරෙකුට ලැජ්ජා හිතෙන තරමට වර්ණ ගැන්වෙන දිය තැටිය අදට වඩා හෙට අපූරු චමත්කාරයක් මවයි. හාත්පස පැතිර පවතින මහ වනය ගුප්තය. ලොකු කුඩා අඳුරු කොරිඩෝ තුළින් වැව් පිටියට පිවිසෙන සා මුව ගෝණ ආදී නොයෙකුත් අමුත්තන් මොහොතක් දියට…

Continue Reading

බලු වැඩ කරන්නට එපා

මගේ මුහුණු පොතට කවුරුන් හෝ ආගන්තුකයෙක් අනවසරයෙන් පිවිස දින කීපයක් තිස්සේම සුපුරුදු පරිහරණය අවුල් කරයි. නමුත් මේ වනවිට යථා තත්ත්වයට පත්කරගත්තද ඒ වෙනුවෙන් තරමක් වෙහෙසෙන්නට සිදු විය. කොරොනා රෝගීන් හදුනාගැනීම සඳහා බල්ලන් යොදා ගැනීමට යන බව බීබීසී පුවතකි. ඉවක් බවක් නැති මිනිස් සමාජයට බල්ලන්ගෙන් වූ සේවය සුළුපටු නොවේ . ඉව…

Continue Reading

දී කිරි දී කිරි ගෙනාව දී කිරි….

මුට්ටිය බිඳීමෙන් සියල්ල අවසන් වන බව කියැවෙන ගීතයකි. භවභෝග නිෂ්පාදන කර්මාන්තයේදී මේ වනවිටත් ජාතියක් හැටියට අප මුට්ටිය බිඳ ගෙන අවසන්ය. වසංගතයට සමගාමීව මැති-ඇමති උතුමන් පටන් පූජ්‍ය පූජක දෙපක්ෂය ද වෛද්‍යවරුන් ඉංජිනේරුවන් මෙන්ම කරණවෑමියා දක්වා සමස්ත පුරවැසියාම වවාගෙන කන්ට යොමුවී ඇත. ඒ වසංගතය අවසානයේ මතුවන සාගතයට මුහුණ දීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.…

Continue Reading

ඔබේ ඉඳුල් අතර දහසකුත් එකක් ගොවියන්ගේ නොඉඳුල් ප්‍රාර්ථනාවන් සැඟවී තිබේ

හොඳ හොඳ පණුවන් අහුලන්නේ පාන්දරින්ම අවදි වන කුරුල්ලන් බව කියැවෙන පැරණි ශ්ලෝකයක් මා අසා තිබේ. හාත්පස සිසාරා විසිර පවතින මීදුම කපාගෙන ලහිලහියේ පියාසරණ කුරුල්ලන්ගේ අත්තටු තවමත් හිරි බිඳී නැති සෙයකි. ගෙවුණු රාත්‍රිය කොහේ හෝ තුරු වදුලක නින්දෙ නොනින්දෙ රැය පහන් කරන පක්ෂීන්ට තම පියාපත් සකසා පිරිමැද ගන්නට මේ කාලය නොවේ.…

Continue Reading

දෙවියන් මරා දමන්නට කලබල වෙන්න එපා

දියුණු ආර්ථික වටපිටාවකින් සමන්විත සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී තත්ත්වයක් තුළ දෙවියන් යනු හුදු පුද්ගලික හැඟීමකි. ඔස්ට්‍රියාව ජර්මනිය වැනි දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවලට තවදුරටත් දෙවි කෙනෙකුන් අවශ්‍ය නොවේ . අනික් අතට ලෝක මහා බලවතා වූ පුටින් ද පසුගිය මැතිවරණය ආසන්න සමයේ දී දෙවියන්ගේ පිහිට පතා ආගමික වතාවත්හි නියැළුණු හැටි අප දුටුවෙමු. ඉන්දියාව නේපාලය…

Continue Reading

වහලය උඩ වුවද වැවිය හැක

උගුර බැරැන්ඩිය වු මොනරෙකු ගේ හඬ තැලීමට තාල අල්ලමින් මොනර රෑනම එක්ව නැගූ විලාපයෙන් ක්ෂණයෙන් මගේ මතකය අදින් වසර කිහිපයක් ඈතට දිවයයි. අලුතින් ඉදි වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මොනරුන් බහුල ප්‍රදේශ දක්වා ඇති සංඥා පුවරු දැක මගේ ගමන් සගයා සිය හඬ අවදි කළේය. අයියේ මොණරු dry zone එකේ ඉඳලා wetzone…

Continue Reading